ලෝකෙටම හුස්ම දෙන්න ලංකාවෙන් SMART MASK

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) මගින් නිර්මාණය කොට නිපදවා ඇති සුහුරු මුව ආවරණ හෙවත් Smart Mask විශේෂයක්, BreathTech-S3 යන සන්නාමය යටතේ නිකුත් වීමට නියමිත බව SLINTEC ආයතනය සිය FACEBOOK පිටුවෙහි තබා ඇති සටහනක් මගින් නිවේදනය කර තිබෙනවා.
එහි දැක්වෙන ආකාරයට මෙම නිෂ්පාදනය SLINTEC ආයතනය, Hirdaramanj සමූහ ව්‍යාපාරය සහ CirQ Technologies යන ආයතන ත්‍රිත්වයේ ඒකාබද්ධ ප්රයත්නයක ප්‍රතිඵලයක්.
2020 වසරේ, ලෝකය ඇ.ඩො. බිලියන 166ක් ආරක්ෂක මුව ආවරණ වෙනුවෙන් වියදම් කර තිබෙනවා. එම එක් වරක් පමණක් භාවිත කළ හැකිය මුව ආවරණ වලින් 75%ක්ම ස්වභාවිකව වියෝජනය නොවන අතර, සාගර හෝ භෞමික දූෂණය ට හේතු වෙනව.
ශ්‍රී ලංකාවේ මේ නවෝත්පාදනය, 100%ක්ම පහසුවෙන්ම දිරාපත් වන අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති අතර නැවත නැවත භාවිත කල හැකි ආකාරයෙන් (re-usable)නිර්මාණය කර තිබෙනවා.
එහි සවි කර ඇති ස්වසන සංවේදක ක්ෂුද්‍ර පරිපථයක් මගින් ආශ්වාස කරන වාතයේ තත්ත්වය මුව ආවරණයේ තත්ත්වය වැනි තොරතුරු එයට අනුබද්ධ ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile App) ඔස්සේ භාවිත කරන්නාව නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා. මෙම මුව ආවරණය මයික්‍රෝන 1ට වැඩි විෂබීජවලින් 98% ක්ම රෝධනය කිරීමට සමත් බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
වීඩියෝව මෙතනින්