ශ්‍රී ලංකා – එංගලන්ත පළමු තරඟය ගැන මහේලගේ විශ්ලේෂණය

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (14) ආරම්භ වීමට නියමිතයි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙන අතර, දැනට ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල 4වන ස්ථානයේ පසුවන එංගලන්තය තරගාවලිය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතිබව බොහෝ විචාරකයන්ගේ අදහසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන දරන්නේ ඊට වෙනs අදහසක්. මහේලගේ අදහස අනුව හෙට පැවැත්වෙන තරගයේ වැඩි වාසි සහගත තත්ත්වයක් තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.
ben stokes වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් එංගලන්ත කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන් අතරට හෙට තරඟයට එක් නොවීම ඊට ප්‍රධාන හේතුවක්. ද ගාඩියන් පුවත්පත වෙත අදහස් දක්වමින් ජයවර්ධන තවදුරටත් පවසා සිටියේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ආබාධ තත්ත්වයන්ගෙන් සුවවී යළිත් කණ්ඩායමට එක් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණය ශක්තිමත් කිරීමට ඉමහත් රුකුලක් වනු ඇති බවයි. වනිඳු හසරංග dasun shanaka වැනි නවකයන් නවකයෙක් ද යෙන් දක්ෂතා අතර සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබර භාවය තවදුරටත් බව තවදුරටත් තහවුරු කරනු ඇති බවත් හෙතෙම පවසා සිටියා.
මහේල ජයවර්ධන ක්‍රිකට් ලෝකය තුළ අති දක්ෂ තරඟ විශ්ලේෂකයෙකු ලෙසත් කෘම් උපායෙහි අති දක්ෂයකු ලෙසත් ප්‍රචලිතයි. වර්තමාන ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපතිත්වය උසුලන්නේ ද ඔහුයි