ඔලිම්පික් කරළියට ක්‍රිකට් එක්වන ලකුණු

MCC ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී මයික් ගැටින් මහතා, පසුගිය දිනෙක ලොර්ඩ්ස් හීදී පැවැති රැස්වීමකින් අනතුරුව පවසා සිටියේ, 2028 දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් වීමට බොහෝ විට ඉඩ ඇති බවයි.
බොහෝ කලක සිට ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ක්‍රිකට් පරිපාලකය්න්ගේද සිහිනයක් මල්ඵල ගන්වමින්, ක්‍රිකට් ඔලිම්පික් කරළියට ගෙන යාමේ ප්රයත්නය මෙවර ඉතා සාර්ථක මට්ටමක ඇති බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක මනූ ස්වානේ මහතා MCC ක්‍රිකට් කමිටුවට දැනුම් දී ඇති බව ඒ මහතා තවදුරටත් මාධ්‍ය වෙත දැන්වීය.
ලංකාව වෙනුවෙන් පෙනී සිටි සංගා
මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ කරුණු අතර ප්‍රධාන කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ආරක්ෂක තත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවට එහි ඇති බලපෑමයි. එහිදී පාස්කු ප්‍රහාරයෙන් පසුව විදෙස් කණ්ඩායම් වල ශ්‍රී ලංකා සංචාරවල ඇති අවිනිශ්චිතභාවයද සංවාදයට බඳුන් විය.
මෙහිදී MCC කමිටු සාමාජිකයෙක් වන කුමාර් සංගක්කාර එම කමිටුවට පවසා ඇත්තේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට කිසිඳු වෙනෙසක් නොවනු ඇති බව තමුන් අපේක්ශා කරන බවයි.