86 හැවිරිදි හිටපු අගමැති, මන්ත්රී වරමක් පතයි!

The President of Sri Lanka, Mr. Mahinda Rajapaksa greeting the Prime Minister, Dr. Manmohan Singh on the successful completion of the XIX Commonwealth Games 2010 Delhi, at the closing ceremony of the XIX Commonwealth Games 2010-Delhi, at Jawaharlal Nehru Stadium, in New Delhi on October 14, 2010.
ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය (2004-2014) වරයෙකු වන මන්මෝහන් සිං මහතා, යලිත් වරක්, රාජස්තාන් ප්රාන්තයෙන් – ඉන්දීය කොන්ග්රස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස – රාජ්ය සභා චන්දයට නාම යෝජනා බාරදී තිබේ.
එතුමා මීට පෙර තරඟ වැදුනේ ආසාම් ප්රාන්තයෙන් වන අතර, මේ වන විට කොන්ග්රස් පක්ෂයට අසාම් ප්රාන්ත්යේ දේශපාලනික වශයෙන් අත්වී ඇති පසුබෑම නිසා, මෙසේ රාජස්ථාන් ප්රාන්තයෙන් තරඟ වැදීමට තීරණය කර ඇති බවයි විචාරකයින් පවසන්නේ.
කෙසේ වෙතත්, රාජ්ය සභා චන්දය සඳහා රාජස්ථාන ප්රාන්තයෙන් , මන්මෝහන් සිං මහතාට ප්රතිවාදී අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට පාලක භාරතීය ජනතා පක්ෂය තීරණය කොට ඇත.
ඒ අනුව මන්මෝහන් සිං මහතාට නිතරඟ ජයක් හිමිවීමට නියමිත අතර, එසේ එතුමා පත්වීමෙන් අනතුරව 2024 වනතෙක් මන්ත්රී දූරය හොබවනු ඇත. එවිට එතුමා 90 වැනි වියද පසුකර සිටිනු ඇති වීමද විශේෂත්වයකි.