ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වේ

ටෙස්ලා (Tesla Inc.,) සහ ස්පේස් එක්ස් (SpaceX) වැනි අධිතාක්ෂනික ව්‍යාපාර ගණනාවක හිමිකරු වන ඊලෝන් මස්ක් ඊයේ දිනයේදී (ජනවාරි 7 වන දා) ලොව ධනවත්ම පුදගලයා බවට පත්විය.
ඒ Amazon.com හී ආරම්භක ජෙෆ් බේසෝස්ට වඩා ඩොලර් බිලියන 1.5 ක වත්කම් උපයමිනි. ජනවාරි 7වන දා උදෑසන 10:15 වන විට ඊලෝන් මස්ක් ගේ සමස්ථ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 188.5 ලෙස ගණන් බලා ඇත.
පසුගිය වසරක කාලය තුලදී මස්ක්ගේ වටිනාකම ඩොලර් බිලියන 150කින් ඉහල ගිය අතර, එම සංඛ්‍යා දත්ත අනූව ඔහු ලොව වේගයෙන්ම ධනවත් වූ පුද්ගලයා ලෙසද සැලකේ.